සමගිය

”මිනිසුනි, අපි ඔබ එක් පිරිමියකුගෙන් හා ගැහණියකුගෙන් මැවුවෙමු.ඉන්පසු ඔබලා එකිනෙකා හදුනාගැනීම පිණිස ඔබ අතර කුල ගෝත්‍ර ඇති කළෙමු” (අල් කුර්ආන් 49:16)

මෙම අල් කුර්ආන්  වැකිය මගින් මිනිස් සමාජයේ එක්සත්කම  සමගිය අවධාරණය වේ.

සෙස්සන්ගේ දෙවියන් හා ඔවුන්ගේ විශ්වාසයන් අවමන් කිරීමෙන් එකමුතුකම බිදී යා හැකි බැවින් ඉස්ලාමය එය වළක්වා ඇත.

”අල්ලාහ් නොවන ඔවුන් නමදින දෙවියන්ව ඔබ අවමන් නොකරන්න.” (සුරා මාහිදා 108)

ප්‍රදේශ,ජාතිය,සමේ වර්ණය,ආගම හා භාෂාව යනාදිය ‍භේද අමතක කර දමා මිනිස් වර්ගයා එක්සත් වීම අවශ්‍ය වේ.එක්සත්කම් බිදීම බරපතල පාපයකි.නබි (සල්) තුමා මදිනවට හිජ්රත් කළ පසු කළ මුල් ක්‍රියාව මස්ජිදයක් ගොඩනගා මිනිසුන් අතර එක්සත් කම ඇති කළහ.තවද  මදිනාවේ සිටි අවුස් හා කස්රජ් නම් ගෝත්‍රිකයන් අතර සමගිය ඇති කළහ.නුබුවතයට පෙර සිටම නබි (සල්) තුමා විසින් ‘හිල්ෆුල් ෆුලුල්’ නම් සංගමයක් මගින් සමාදාන ව්‍යාපාරයක් ගෙන ගියහ.

බේදබින්න වූ දෙපිරිසක් අතර හෝ දෙදෙනකු අතර සමගිය ඇති කිරීම ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වන අතර ඒ සදහා බොරු කිරීමටද ඉස්ලාමය අනුමැතිය දී ඇත.

 

  සමගිය,එක්සත්කම වර්ධනය කිරීමට කල යුතු දේ

  • අනුන්ට ආදරය කිරීම
  • අනුන්ට ගරු කිරීම
  • වැරදි කළවුන්ට සමාව දීම.
  • හොද දේවලට සහයෝගය දීම.
  • පරිත්‍යාගශීලි වීම.