නබි තුමාගේ පරම්පරාව

පියා: අබ්දුල්ලාහ් තුමා

මව: ආමිනා තුමිය

සීයා: අබ්දුල් මුත්තලිෆ් තුමා

බාප්පා: අබුතාලිබ් තුමා

 හම්සා (රළි)

කිරි මව: හලීමා, ෂුවෛබා තුමිය

 අබ්දුල්ලාහ් හා ආමිනා තුමියගේ විවාහය

උසස් ගතිගුණවලින් යුත් කාන්තාවක් වන ආමිනා තුමිය තම ප්‍රියතම පුතු වන අබ්දුල්ලහ්ට විවාහ කර දීමට අබ්දුල් මුත්තලිෆ් කැමැත්තක් දැක්වූවේය.අබ්දුල් මුත්තලිෆ් තුමාගේ තනතුර හා පරම්පරාව හොඳින් දන්නා ආමිනා තුමියගේ නෑයන් මෙයට කැමති වූහ.විවාහය එවක චාරිත්‍රානුකූලව සිදු විය.

මුහම්මද් නබි තුමාගේ උපත

අබ්දුල්ලා වෙළඳාමට ගොස් ආපසු එන අතරතුර රෝගාතුර වී මිය ගියේය.මුහම්මද් නබිතුමා මෙලොව එලිය දුටුවේ තම පියාගේ මරණයෙන් පසුවය.අබු මුත්තලිෆ් විසින් මුහම්මද් ලෙස නම් තබන ලදී. ආමිනා තුමිය අහ්මද් ලෙස නම් තැබුවාය.ආමිනා තුමිය රෝගාතුර වූ නිසා හලීමා තුමිය විසින් කිරි දෙන ලදී.මුහම්මද් නබි තුමාට අවරුදු 6ක් වූ කල ආමිනා තුමිය වෆාත් වූවාය.පසුව සීයා වන අබු මුත්තලිෆ් භාරයේ හැදී වුනේය.අවරුදු 8දී  ඔහුද වෆාත් වූ බැවින් තම බාප්පා වූ අබූ තාලිබ් තුමාගේ සෙවනට ගියේය.

නබිතුමාගේ ප්‍රචලිත ගුණාංග

  • පියකරු බැල්ම

  • මිහිරි කටහඬ

  • තේජාන්විත බැල්ම

  • විශ්වාස වන්තයකු වූ බැවින් ‘අල් අමීන්’ ලෙසද සත්‍යවන්තයකු වූ බැවින් ‘අස්සාදික්’ ලෙසද හැඳින්විය.

  • අවංක බව

තරුණ කාලයේ ක්‍රියාකාරකම්

ෆුජ්ජාර් නම් යුද්ධයට සහභාගී විය. එය එතුමාගේ ප්‍රථම යුද්ධයයි. නමුත් සටන් නොකළහ. තුවාල වූවන්ට ජලය ගෙන දීම , සාත්තු කිරීම යනාදී වැඩවල නිරත වූහ. එවිට එතුමාට වයස 15ක් පමණ විය.ගැටවර වියේදී සම අදහස් දැරූ පිරිස් සමග එක්වී හිල්ෆුල් ෆුලූල් නැමැති සංගමයක් ආරම්භ කළහ.මෙයින් දිළිඳු හා යුද්ධයෙන් පීඩිත ජනතාවට උපකාර කළහ.

ෂාම් ගමන

මුල් අවධියේ මුහම්මද් තුමා අබු තාලිබ් සමග එක්ව එළුවන් බලාගත්හ.අවරුදු 12දි අබු තාලිබ් සමග වෙළෙඳ සංචාරයක් සඳහා සිරියාවට ගියහ.එය එතුමාගේ ප්‍රථම වෙළඳ ගමනයි.බස්රා නම් නගරයේ බුහෛරා නම් ක්‍රිස්තියානු පූජකයෙකු මුහම්මද් නබි තුමා අවසන් දේව දූතයා බව පෙරනිමිති පළකළේය.ජාහිලියත්වලින් ඇත්වී සිටීම.ජාහිලියත් යනු අනුවණකම් වේ.එකල අරාබියාවේ සෑම දෙයක්ම නොමග තිබුණි.නබිතුමා මේ ආකාරයේ ජීවන රටාවකට අකමැත්තක් දැක්වූවේය.පිළිම ඇදහීමෙන් ඉවත්ව සිටියේය.ශබ්ද නැගෙන විනෝද ක්‍රීඩාවලට සහභාගී වූයේ නැත.සැණකෙළි හා උත්සවවලින් ඈත්වී සිටියේය.

කදීජා (රළි) තුමියගේ නියෝජිතයෙකු වීම

කදීජා (රළි) තුමිය මක්කමේ ජීවත් වූ දෙවරක් වැන්දඹුවක් වූ ධනවත් කාන්තාවක් වූවාය.නබි තුමාගේ විශ්වාසවන්ත කම ගැන සැලවී එතුමාව වෙළඳ නියෝජිතයෙකු ලෙස බඳවා ගත්තාය.එතුමිය තම වහලා වන මෛසරාහ් නමැත්තිය සමග මුහම්මද් නබිව සිරියාව බලා වෙළඳ සංචාරයකට පිටත් කර හැරියාය.එය ඉතා සාර්ථක වෙළඳ සංචාරයක් විය.

කදීජා (රළි) තුමිය සමග විවාහය

නබි තුමාගේ තීක්ෂණ බුද්ධිය, අවංක කම දුටු කදීජා (රළි) තුමිය නබි තුමා විවාහ කර ගැනීමට ආශා කළාය.නබිතුමාද විවාහ යෝජනාව පිළිගත්තේය.මෙම විවාහය සිදුවන විට නබිතුමාට වයස 25ක්ද, කදීජා (රළි) තුමියට වයස 40ක්ද විය.විවාහය මක්කාවේ සිදු විය.

කදීජා (රළි) තුමිය

පියා: කුවෛලිද්

මව: ෆාතිමා බින්ත් සාඉදා

අන්වර්ථ නාම: උම්මු හින්ද්

පළමු ස්වාමියා: අබූ හාලා

දෙවන ස්වාමියා: අතීක් බින් ආබිත්

කදීජා (රළි) තුමිය මුලින්ම ඉස්ලාමය වැළඳගත් කාන්තාවයි.

ගෞරව නාම: තාහිරා

නබි (සල්) තුමාගේ දරුවන්

  1. සෛනබ් (රළි)

  2. කාසිම් (රළි)

  3. රුකය්යා (රළි)

  4. උම්මු කුල්දුම් (රළි)

  5. ෆාතිමා (රළි)

  6. අබ්දුල්ලා (රළි)