උස්මාන් (රලි) තුමා

පෞද්ගලික තොරතුරු

  • පියා – අෆ්ෆාන්

  • මව – අර්වා

  • කුරෛෂි ගෝත්‍රය උමයියා වංශය

  • ක්‍රි.ව 575 දී උපත ලැබීම

ප්‍රථමයෙන් නබි තුමාගේ දියණිය වන රුකයියා තුමියද ඇයගේ අභාවයෙන් පසු දෙවනුව උම්මු කුලතුම් තුමිය සමගද විවාහ වූ නිසා දුන්නුරෛන් නම් ගෞරව නාමය පිදුම් ලැබුහ.ඉස්ලාම් දහම වැලද ගත සිව්වැන්නාය.

ගතිගුණ

  • මොහු ජාහිලියා යුගයේ ධනවත්ම හා අවංක වෙළෙන්දකි.

  • අධික ලැජ්ජාශිලිය.

  • මුදුමොලොක් බව හා සහනත් බව සමාව දීම.

  • පරිත්‍යාගශීලි බව

  • පළමු හිජ්රතය වෙනුවෙන් තම ධනය කැප කිරීම.

  • සෑම සිකුරාදා වහ‍ලෙකු බැගින් නිදහස් කිරීම.

  • තබුක් සටනට ඔටුවන් 950ක්ද,අශ්වයන් 50ක්ද,රන්කාසි 100ක්ද තෑගි කළේය.

  • මුස්ලිම්වරුන් මදීනාවට හිජිරත් ගිය පසු පානීය ජලය ගැටලුවක් වූ නිසා බිරු රුමාගේ ලිද මිලට ගෙන මුස්‌ලිම්වරුන්ට වක්ෆ් කිරීම මේ සදහා දිර්හම් 2000ක් පමන විය.

රාජ්‍ය පාලනය

  • කලීෆා ලෙස තෝරා පත් කිරීම.

උමර් (රලි) තම වෆාතයට පෙර ඊලග කලීෆාවරයා තෝරාගැනීමේ පහසුව තකා ප්‍රධාන සහාභාවරුන් සයදෙනෙකු නම් නිර්දේශ කර තිබුණි.හි.ව 24දී  උස්මාන් (රලි) තුමා තෝරා ගන්න ලදී එතුමාව තෝරාගැනීමට හේතුනම් මජ්ලිෂුෂ් ෂුරා අනුශාසක සාභාවේ සාමාජිකයකු වීම හා මුල් කලීෆා වරුන්ගේ සමීපතම ආධාරකරුවෙකු වීම.

  • පාලනය

උස්මාන් (රලි)ගේ පාලනයේ පෙර මෙන්ම මදිනාව රජයේ අගනුවර විය.නාවික හමුදාවක් පිහිටුවීම තුලින් මද්යදරනි මුහුදු ප්‍රදේශ ආසන්න වූ ප්‍රදේශවල එල්ල වූ ප්‍රහාරවලට සර්ථකව මුහුණ දුන්නේය.ෂාම් ප්‍රදේශයේ ආණ්ඩුකාර ලෙස සිටි මුආවියා (රලි) හි.ව 27දී නාවික හමුදාව මගින් රෝමානු සේනා උවදුරු මැඩලුවේය.හි.ව 28 දී සයිප්‍රසය අල්ලා ගැනීම.පොදු භාණ්ඩාගාරය (බයිතුල් මාල්) නිසි ලෙස නඩත්තු කල අතර මෙතුමාගේ පාලන කාලයේ ආර්ථික සංවර්ධනයක් ඇති විය.මේ හේතුවෙන් හි.ව 26 දී මස්ජිදුල් හරම් හා මස්ජිදුන් නබවි පුළුල් කරන ලදී.මෙතුමාගේ අවධියේ මදිනාවේ දුප්පතුන් තෝර විය.

  • අල් කුර්ආනය ග්‍රන්ථාරුඪ කිරීම

මෙතුමාගේ කාලයේ ආරාබි නොවන උදවිය ඉස්ලාමය වැලදගත් නිසා ඔවුන් අල් කුරානය වැරදියට පාරායනා කරන්නන්ට වුහ.මෙම පුවත ඇසු උසමාන් රලි තුමා අබු බක්කර් රලි තුමා ග්‍රන්ථාතරුඪ කල අල් කුර්ආනය පිටපත් කිහිපයකට සකස් කර එවක බොහෝ ප්‍රදේශ වලට යවන ලදී.මුල් පිටපත හෆ්සා රලි  තුමිය සතුව තිබුන අතර සයිද් බින් සාබිත් රලිගේ මුලිකත්වයෙන් තවත් පිටපත් කිහිපයකට සකස් කරන ලදී.මෙම පිටපත ‘මුස්හෆ් උස්මානි’ලෙස නම් කරන ලදී.අල් කුර්ආනය තුලින් මුස්ලිම්වරුන් එක්සේසත් කල බැවින් මෙතුමා ‘ජාමිඋල් කුර්ආන්’ නම් විශේෂ නමකින් පිදුම් ලැබුහ.

  • වාෆාතය

උස්මාන් රලි තුමාගේ පාලන සමයේ අග භාගයේදී මොවුහු පාලනයට විරුද්ධව කැරලි ගැසූ කුමන්ත්‍රරණකරුවන් බොහෝ අමුලික බොරු පුවත් පතුරුවා හැරිය.මෙම කුමන්ත්‍රණ වලට අබ්දුල්ලාහ් ඉබුනු සාබා නැමැත්තා මුලිකත්වය දැරුවේය.සත්‍ය නොදත් බොහෝ දෙනා උසමාන් රලිව ඝාතනය කිරීමට පෙළබුහ.දින කිහිපයක් පුරා එතුමාගේ වැටලු ඔවුහු පසුව නිවසට බලෙන් ඇතුළු වී ඝාතනය කළහ.

  • කිලාෆත් පාලනය අවුරුදු 12

  • වාෆාත් වන 82

  • වාෆාත් වූ දිනය හි.ව 35 දුල්හාජ් 12