M.C. සිද්ධි ලෙබ්බේ

පෞද්ගලික තොරතුරු

මුහම්මද් කාසිම් සිද්ධි ලෙබ්බේ 1838 ජුනි මස 11 වන දින මහනුවර දී උපත ලැබුවේය.නිවස අසල වූ මද්රසාවක අරාබි භාෂාව ඉගෙන ගෙන ඉංග්‍රීසි හා දෙමළ භාෂා ඇතුළු පාසල් දැනුමද ලබාගත් මෙතුමා තරුණ වියේදිම නීතිඥයකු ලෙසද දිවුරුම් දුන්නේය.ඉංග්‍රීසි සංස්කෘතිය යටතේ සිට ඉංග්‍රීසිගේ බලපෑම් වලට ලක්වුවද තම ආගමික සිරිත්විරිත් අත්නොහැරියේය.අල් කුර්ආනයේ අන්තර්ගතය හා මුහම්මද් නබි සල් තුමාගේ සුන්නහාහ් අකුරටම පිලිපැදුවේය.වරක් M.C. සිද්ධි ලෙබ්බේ මහතාව අධි නීතිඥ තනතුරට උසස් කලද එම තනතුර එක හෙළාම ප්‍රතික්ෂේප කළේ අධිනීතිඥවරයා ඇමතිය යුත්තේ ස්වාමිනි,උතුමාණනි ලෙසත් හා එයට සුදුස්සා අල්ලාහ් පමණක් බවත් නිසාය.මහනුවර නාගරික සභාවේ අසුනකට තරග කිරීමට ඉදිරිපත්වීමෙන් මෙතුමා දේශපාලනයට පිවිසුණේය.අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැගී සිට ජනතා සේවයෙහි යෙදුනු මෙතුමා ජාතිකානුරාගී හැගීම් ජනිත කිරීමට සමත් විය.ජාතික සටනේ අනගාරික ධර්මපාල තුමා හා ආරුමුග නාවලර් තුමා සමග එක්ව මුස්ලිම් ජනතාව මෙහෙයවනු ලැබුවේ මෙතුමා විසිනි.

ජීවිතය

මුස්ලිම් ජනතාවගේ දියුණුවට මග පැදීමට අධ්‍යාපනයේ අගය පෙන්වා දීමටද 1882 දී ‘මුස්ලිම් නේසන්’ නම් ද්‍රවිඩ සගරාව ඇරබිය.මෙහි මුල් කලාපයේ සිද්ධි ලෙබ්බේ මහතා විසින් අධ්‍යාපනය යනු විවිධ භාෂාවලින් රචිත දේ කියවීමේ හැකියාව නොව දැනුම පුළුල් කර ගැනීම හා පැහැදිලි අවබෝධය උදෙසා කියවීම බව කියා සිටියේය.මෙම පුවත්පත විසින් ඉංග්‍රීසි අධ්‍යාපනයේ  අනර්ථකාරී මතය බිදහෙලන ලදී.

අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ මුස්ලිම් බාලිකාවන්ටම  වෙන්වූ ප්‍රථම අධ්‍යාපන ආයතනය අරම්ඹ කරන ලද්දේ මෙතුමාගේ උත්සාහයෙනි.එය මද්රසතුල් කෛරියා වේ.ප්‍රථම මුස්ලිම් බාලිකා විදුහල වන්නේ මහනුවර-ත්‍රිකුණාමලය ව්දියේ පිහිටි බාලිකා විදුහලයි.ඉන්පසුව කටුකැලේ,ගම්පොල,පොල්ගහවෙල,කෑගල්ල,කුරුණෑගල,හැටන්,නුවරඑළිය,බදුල්ල, යන තැන්හි මුස්ලිම් බාලිකා පාසල් ඉදි විය.පාසල් පිහිටු වීමටත් ගුරුවරුන්ට පඩිනඩි ගෙවීමටත් මෙතුමා තම ධනයම වියදම් කළේය.ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය මුස්ලිම් ශාස්ත්‍රාලය වන කොළඹ සහිරා විදුහල බිහි වුයේද මෙතුමාගේ මුලිකත්වයෙනි.

දේශපාලනය

මුස්ලිම් ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාදායකයේ නියෝජතයෙකු නොමැති වීම පිලිබදව මුස්ලිම් නේසන් පුවත්පත මගින් බලවත් උද්ඝෝෂණයක් ගෙන ගියේය.ශ්‍රී ලංකාවාසි සම ජන කොට්ඨාෂයකම ව්‍යවස්ථාදායකයෙහි නියෝජනය විය යුතු යයිද සිංහල, දෙමළ ජනතාවට වෙන්වූ ආසන ප්‍රමාණවත් නොවූ බවද පෙන්වාදුන්නේය.මෙතුමා නොබිය ව කළ ප්‍රකාශ හේතුවෙන් ඉංග්‍රීසින් විසින් මෙතුමාට තනතුරක් පුදන ලදී.මුස්ලිම් ජනතාව වෙනුවෙන් රජයේ ව්‍යවස්ථාදායක සභාවේ පෙනී සිටි ප්‍රථම නියෝජිතියා මෙතුමාය.මෙතුමාණන් විසින් මුස්ලිම් නීති ක්‍රමය ශ්‍රී ලංකා නීති සංග්‍රහයට එකතු කරන ලදී.එයට හේතුව වුයේ මුස්ලිම් ජනතාව නිසිසේ පිළිපැදීමට හැකි නීති පද්ධතියක් නොතිබීමයි.සිද්ධි ලෙබ්බේ මහතාගේ වැඩකටයුතුවලට සහය වූ ඊජිප්තු විප්ලවීය නායකයා වුයේ ඔරාබි භාෂාය.

ඥානදිපම් මාසික සගරාව

මුස්ලිම් නේසන් සගරාවේ 1887 දී  ඥානම් (ඥානය) ලෙස වූ මාතෘකාවෙන් ද, 1889 දී දිපම් (පහන)නම් වූ මාතෘකාව යටතේ ඉස්ලාමිය ආධ්‍යාත්මිකත්වය පිළිබද ලිපි පලවිය.මෙම ලිපිවල ජනප්‍රියතාව හා දියුණුව හේතුකරගෙන  ඥානදිපම් නම් මාසික සගරාවක් 1892 දී ආරම්භ විය.

වෆාතය

සිද්ධි ලෙබ්බේ  ශ්‍රේෂ්ට විද්වතෙකු,ජාතිකානුරාගය මැද වැදුණු වීරයකු යුක්තිගරුක  නීතිඥයකු  අධ්‍යාපනඥයකු සමාජ සේවකයකු ලෙසද වුවේය.1898 පෙබරවාරි 5 වන දින වෆාත් විය.1977.6.11 දින සිද්ධි ලෙබ්බේ මහතා සිහි කිරීම පිණිස රජයේ මුද්දරයක් නිකුත් කරන ලදී.