මි පැණි

top feature image

මි පැණි

මි පැණි යන වදන ඇසෙන විටම දිවට හා  සිතට කුල්මත් බවක් දැනෙනු ඇත.මි පැණි යන්න ස්වභාවික ඖෂධිය පානයකි.  මීපැණි සාමාන්‍යයෙන් ඇතිවන මත් ගතිය,තෙහෙට්ටුව,වැඩකිරීමේදී වැය වන ශක්තිය නැවත ලබා ගත හැකි, මතක ශක්තිය වර්ධනය කිරීමට දායක වනවා.එසේම මීපැණි යනු පාචනය,නියුමෝනියාව,පිලිකා ඇතිවීම වැළැක්වීම්,අධික තරබාරුව අඩුකිරීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම යනාදී ලෙස රෝග නිවාරකයක් ලෙස සැලකිය හැක.

කෙසේ වෙතත් අප බොහෝ දෙනා සිතාගෙන සිටින්නේ මි පැණි යනු මීමැස්සන් මල් වලින් උරාගත් පැණි ලෙසය.එය සත්‍ය නොවේ.මි පැණි නිපදවෙන්නේ ස්ත්‍රී මීමැස්සන්ගේ උදරය තුලය.මේ පිළිබදව ශුද්ධ වූ අල් කුර්ආන්යේ මෙසේ සදහන් වනවා.

“කදුවල හා ගස්වලද ඔවුන් හදන පන්දලම් මතද නුඹලාගේ වදය තනනුයි. නුඹලාගේ රබ්(පරමාධිපති) මී මැස්සියට වහී(දැනුම) පහළ කළේය. පසුව සියලු පළතුරුවලින් අනුභව කරනු. තවද නුඹගේ රබ්(පරමාධිපති)ගේ පහසු මං දිගේ ගමන් කරනු. ඇගේ(මී මැස්සියගේ) උදරයන්ගෙන් විවිධ වර්ණ පානයක් වෑහෙයි. එහි ජනයාට ප්‍රතිකාරය තිබේ. මෙනෙහි කරන ජනයාට නියතවශයෙන් එහි සංඥා තිබේ.”(ශුද්ධ වූ කුර්ආනය 16:68-69)

මෙම ශුද්ධ වූ කුර්ආන් වැකිය තව දුරටත් විශ්ලේෂණය කරමු.මෙහි අනුභව කරනු යන්නේ අරාබි පදය වන්නේ ‘කුලි’ ලෙසය.මෙම පදය භවිතා කරන්නේ ස්ත්‍රී පර්ශ්වයටයි.ගමන් කරනු යන පදය ද සදහන් වන්නේ ස්ත්‍රීලිංග පදයකි.එනම් ශුද්ධ වූ අල් කුර්ආන්යේ සදහන් වන්නේ යුෂ රැගෙන මි වදයට පැමිණෙන්නේ ස්ත්‍රී මි මැස්සන් බවය.මොවුන් මෙහෙකාර මීමැස්සන් ලෙස හදුන්වයි. අතීතයේදී  මිනිසුන් මේ පිළිබදව දැන සිටියේ නැහැ.

තවද ඉහත ශුද්ධ වූ අල් කුර්ආන් වැකිය දෙස අවධානය කලහොත් එහි සදහන් වන්නේ උදරයන්ගෙන් ලෙසය.මෙම වැකියෙන් මීමැස්සන්ට එක් උදරයකට වඩා ඇති බව පැහැදිලි වේ.ස්ත්‍රී මි මැස්සාගේ අභ්‍යන්තරය සැලකීමේදී සාමාන්‍ය උදරයක් හා මි පැණි සකස්වීමට විශේෂිතවූ උදරයක් පවතින බව නුතන විද්‍යාවෙන් තහවුරු වෙනවා.

තවද ඉහත ශුද්ධ වූ අල් කුර්ආන් වැකියේම නුඹගේ රබ්(පරමාධිපති)ගේ පහසු මං දිගේ ගමන් කරනු. ලෙස සදහන් වනවා.මල් තිබෙන ස්ථානයක් හදුනාගත් විට මෙහෙකාර මි මැස්සන් තම වදයට අනෙකුත් මීමැස්සන්ට කියා දීමට විශේෂිත වූ නත්නයක් ඉදිරිපත් කරනවා.

1973 දී වොන් ෆ්රිච් මීමැස්සන්ගේ හැසිරීම හා සන්නිවේදනය ගවේෂණය කර නොබෙල් ත්‍යාගය ලැබ ගත්තද මේ පිළිබදව මීමැස්සන්ට ඥානය ලබාදුන් මැවුම්කරු මේ සියල්ලම ශුද්ධ වූ අල් කුර්ආන්යේ අවුරුදු 1400 පෙර සදහන් කර අවසන්.

 

අල්ලාහ්ගේ අනුග්‍රහය නුඹලා ගණන් කරන්නහුනම්, නුඹලාට එය නිමකළ නොහැකිය. නියතවශයෙන් අල්ලාහ් අධික ක‍ෂමාශීලීය. අසමසම කරුණාන්විතය. (ශුද්ධ වූ කුර්ආනය 16:18)

Comments are closed.

error

සමාජ අඩවි මගින් සම්බන්ධ වීමට