සලාතයේ ෆර්ලු
-
නිය්යත් තැබීම.
-
එම නිය්යතය සමඟ අල්ලාහු අක්බර් නමැති තක්බීර් කීම.
-
ෆර්ලු සලාත්වල හැකි අය සිටගෙන සලාතය කිරීම.
-
බිස්මි සමඟ අල්හම්දු සූරා පාරායනය කිරීම.
-
රුකූ කිරීම.
-
එම රුකූහි රැදී සිටීම.
-
ඉඃතිදාල් නැමැති කෙලින් සිටීම.
-
එහි රැදීම.
-
ප්‍රථම සජදා කිරීම.
-
එහි රැදී සිටීම.
-
ප්‍රථම සජදාවෙහි සිට සුළු ඉදුමෙහි සිටීම.
-
එහි රැදී සිටීම.
-
දෙවන සජදා කිරීම.
-
එම සුජූද්හි රැදී සිටීම.
-
අන්තිම අත්තහිය්යාත් වෙනුවෙන් ඉඳීම.
-
එම ඉඳුමෙහි අත්තහිය්යාත් උසුරීම.
-
අන්තිම අත්තහිය්යාත් හි මුහම්මද් තුමානන්ගේ නමින් සලවාත් කීම.
-
දකුණු බලා ප්‍රථම සලාම් දීම.
-
ඉහත ෆර්ලු අනුපිළිවෙලින් කිරීම.
සලාතයේ ෂර්ත්
-
මුස්ලිම්වරයෙකු වීම.
-
තම්යීස් නැමැති දැනුම ලබා තිබීම.
-
ජනාබත් නැමැති මහා කිළිට,මාසික කිළිට,ප්‍රශුත කිළිට,වුලූ බිඳීම යනාදිය නොතිබිය යුතුය.
-
ශරීරය,වස්ත්‍රය,ස්ථානය ආදියේ නජීස් වලින් තොර විය යුතුය.
-
පිරිමින්,වහලුන් හා වහලුන් බවට පත් කාන්තාවන් පෙකනියේ සිට දණහිස දක්වාද ආවරණය කළ යුතුය. මෙය අව්රත් වේ.
-
කිබ්ලාවට (කඃබතුල්ලාහ්ව පිහිටි දිසාවට) හැකි පමණින් මුහුණ හැරවීම.
-
සලාතය තමන් වෙත අනිවාර්ය කටයුත්තක් බව අවබෝධ කරගෙන සිටීම.
-
සලාත්වල කාලය දැන සිටිම.
-
සලාතය ඉටුකරන ක්‍රමය දැන සිටීම.
-
ෆර්ලු ෆර්ලු යනුවෙන්ද සුන්නත් සුන්නත් යනුවෙන්ද හොඳාකාරව දැන සිටීම.
සලාතය බිඳවන කරුණු (මුබ්තිලාත්)
-
සලාතය ඉටු කරන අවස්ථාවේ සලාතය අතහරිනවා දැයි සිතීම
-
සලාතයේ නැති ක්‍රියාවක් එකදිගට ම තුන් වතාවක් කිරීම.
-
අල්කුර්ආන් පාඨ හෝ දුආව නොවන සලාතය හා සම්බන්ධ නැති අන් යමක් උසුරීම
-
උවමනාවෙන් ම කැහීම හෝ කතා කිරීම
-
ශබ්ද නගා සිනාසීම සහ උවමනාවෙන් ම ඇඬීම
-
සව්මය බිඳවන කිසියම් කටයුත්තක යෙදීම
-
කිබ්ලාව දෙසින් මුහුණ වෙනත් පැත්තකට හැරවීම
-
ක්‍රියාකාරි වූ ෆර්ලය අවශ්‍යයෙන් ම වැඩිපුරව කිරීම
-
අව්රතය අනාවරණය වන අවස්ථාවේ නොසලකා සිටීම
-
ෆර්ලයක් හෝ ෂර්තයක් උවමනාවෙන් ම අතහැරිම