අන්‍යන්ට ඉඩ ප්‍රස්ථා ලබා දීම

මුහම්මද් නබි සල් තුමා සිය ජිවිත කාලයම තම සමාජයේ යහපත උදෙසා කැපකර ශ්‍රේෂ්ඨ නායකයකි.එතුමාණන් අන්‍යන්ගේ අදහස් ඔවුනගේ අවශ්‍යතා අයතිවාසිකම් යනාදීන්ට ප්‍රමුකත්වයක් දෙමින් කටයුතු කළේය. අන්‍යන්ට ඉඩ ප්‍රස්ථා ලබා දීම පිළිබදව පහත හදිස් හා කුර්ආන් ආයත් මගින් පැහැදිලි වේ.

“ඔබ අතරින් එක්කෙනෙක් තමා කැමැති දේ තම සහෝදරයාට ද කැමැති වන තෙක් ඔබගෙන් කිසිවකු සැබෑ විශ්වාසවන්තයකු නොවන්නේය.”(බුහාරි, මුස්ලිම්)

“තවද (මදීනාවෙහි ඇති) කවුරුන් (මදීනාව තමන්ගේ) රට වශයෙන්- (මක්කාවෙහි සිට පැමිණි මුහාජිර්වරුන් වන) ඔවුන්ට කළින්ම-ගෙන, විශ්වාසය තබා සිටියෝද ඔවුන්ටද, (එහි කොටසක් ඇත). මොවුන් හිජ්රත් කර, තමන් වෙත පැමිණෙන අයව ආදරයෙන් යුතුව ප්‍රිය කරන අතර (තමන්ට නොදී, හිජ්රත් කරමින් පැමිණෙන) ඔවුන්ට (පමණක්) දෙනු ලැබීම ගැනද, තම සිත් තුළ අඩුපාඩුවක් වශයෙන් දකින්නේ නැත. තවද තමන්ට දිළිඳුකම අත් වූවද, තමන්ට වඩා ඔවුන්ටම (දෙනු ලැබීම) තෝරා ගනු ලබන්නාහ. මෙසේ කවුරුන් තන්හාවෙන් තමන්ව ආරක්ෂා කර ගන්නෝද, එවැන්නන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි.” (ශුද්ධ වූ අල්  කුර්ආන් 9:9)

ගැත්තෙක් තවත් ගැත්තෙකුට උදව් කරමින් සිටින තාක් කල් එම ගැත්තාට අල්ලාහ්ගේ උදව්ව ලැඛෙමින්    පවති.(මුස්ලිම්)

ඉහත වැකි වලට අනුව තම අවශ්‍යතාවයට වඩා අන් අයගේ අවශ්‍යතාවන්ට ප්‍රමුකත්වය දෙන මෙන් සදහන් වේ.

error

සමාජ අඩවි මගින් සම්බන්ධ වීමට