වුලූහි ෂර්ත්
- මුස්ලිම්වරයෙකු වීම.
- සිහිබුද්ධියෙන් යුතු අයෙකු වීම.
- වුලූ ෆර්ලු බව දැන සිටීම. වුලූ කරන ක්රමය දැන සිටීම.
- වුලූ කිරීමට පිරිසිදු ජලය සොයා ගැනීම.
- වූලූ කරන අනිවාර්ය අවයවයන්හි ජලය ගෑවීම ඉඩ නොලැබෙන තාර, හුණු හඳුන්, ඉටි,මාළුවන්ගේ කොරපොතු, කඩදාසි වැනි දේ තිබේනම් ඒවා ඉවත් කර ගැනීම.
වුලූහි ෆර්ලු
- වුලූහි ෆර්ලු ඉටු කරමි යනුවෙන් නියියත් තැබීම.
- එම නියියත් සමඟ මුහුණ සේදීම.(හිසකේ වැටෙන ස්ථානය සිට උගුර දක්වාද දෙකණ අතර ප්රදේශය මුහුණ ලෙස සැලකේ.)
- දෙඅත් වැලමිට දක්වා සේදීම.
- ඔලුවේ සුළු කොටසක් හෝ ජලයෙන් තැවරීම.
- වළලුකරය තෙක් දෙපා සේදීම.
- ඉහත සඳහන් පරිදි අනුපිලිවෙලට කිරීම.
වුලූහි මුබ්තිලාත්
- පෙර හා පසු අවයවයන් වලින් ධාතු හැර වෙන යමක් පිටවීම.
- පසු ආසන පෙදෙස නිසිලෙස තද නොවී නිදාගැනීම.
- ලිංගේන්ද්රියන් වල අත්ල වැදීම.
- සිහිසුන් නැතිවීම.
- විවාහ කිරීමට අනුමත ස්ත්රීන් ආවරණයකින් තොරව ස්පර්ශ කිරීම.