“ඇත්තෙන්ම මෙම කුරආනය (මිනිසුන් හට) ඉදුරාම ඍජු මග පෙන්වන්නේය.” (17:9)
කුර්ආනය දෙවරක් පහල වුනි.පළමුව බෛතුල් මඃමූර්හි පහල විය.බෛතුල් මඃමූර් යනු කඃබාවට අහසෙහි ඇති දෙවස්තානයයි.
ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වූ සමාජය
- ගැහැණුන් දුර්භාග්‍යයක් ලෙස සලකා කුඩාකලම ඝාතනය කිරීම.
- දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කිරීම.
- විවාහය නමින් විවිධ ආකාරයේ අනාචාරයන් සිදුකිරීම.
- පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය,දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනා) කිරීම.
- සියළු ක්‍රියාවන් ජෝතිෂ්‍ය විශ්වාසයන් මත පදනම් කරගැනීම, මියගිය පුද්ගලයින්ගෙන්, තම අවශ්‍යතාවයන් ඉල්ලා සිටීම හා ඔවුන්ට වන්දනාමාන කිරීම.
- ගැහැණුන්ට විවිධ වූ වධහිංසාවන්ට ලක්කිරීම.
- සමස්ථ සමාජයම සුරාවෙහි ඇල්බ සිටීම.
- නිර්වස‍්‍රව දේව වන්දනයේ නිරතවීම.
- කුලවාදය දරුණුවට ක්‍රියාත්මක වීම,
- මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම
අල් කුර්ආනය කලින් කලට පහල වීමට හේතු:
- මිනිසාට සත්‍යයෙන් අසත්‍ය වෙන්කර යහමඟ පැහැදිලි කිරීම පිණිස, (ශුද්ධ වූ අල් කුර්ආන් 2-185)
- (ඉස්ලාමය පිලිගෙන එය) විශ්වාස කරන්නන් හට සුභාරංචි පවසනු පිණිස, (ශුද්ධ වූ අල් කුර්ආන් 16-102)
- ලොව සියළු ජනයාට අවවාදයක් වනු පිණිස (ශුද්ධ වූ අල් කුර්ආන් 25-1)
- (මිනිස් සමාජයට) අනුශාසනා කරනු පිණිස (ශුද්ධ වූ අල් කුර්ආන් 36-6)
- සිත්වල ඇති රෝගයන් (ගැටළු) සදහා ප‍්‍රතිකාරයක් වනු පිණිස (ශුද්ධ වූ අල් කුර්ආන් 10-57)
- (දෙවියන්ට)බියබැති පිරිසට උපදේශයක් වනු පිණිස (ශුද්ධ වූ අල් කුර්ආන් 20-3)
- මිනිසාට යහමඟ පෙන්වීම පිණිස (ශුද්ධ වූ අල් කුර්ආන් 2-185)
- (සමස්ථ සමාජයට) අවවාදයක් පිණිස (ශුද්ධ වූ අල් කුර්ආන් 26-103)
- දෙවියන් වහන්සේ විසින් පෙර පහල කල වක්තෘවරුන්ගේ උපදේශයන් සත්‍ය කරනු පිණිස, (ශුද්ධ වූ අල් කුර්ආන් 11-120)
අවසාන ආයතය සූරතුල් මාහිදාවේ 3 වන වාක්‍ය වේ.
“මටම බිය වනු. මා ඔබට ඔබගේ ධර්මය අද දින පූරණය කර තැබුවෙමි. ඔබ වෙනුවෙන් ඉස්ලාම් ධර්මයද තෝරාගෙන (ඔබට පහළ කර බාර) ගත්තෙමි.”(ශුද්ධ වූ අල් කුර්ආන් 5-3)
අල් කුර්ආනය සුවිශේෂී වීමට හේතු:
- සදාචාරාත්මක ඉගැන්වීම්.
- ලෝකය මවා පරිපාලනය කරන දෙවියන්ගේ නීති ඇතුලත්වේ.
- ඉස්ලාමීය විශ්වාසය සම්බන්ධ නීති ඇතුලත්වේ.
- නවීන විද්‍යාව තහවුරු කරන්නක් වීම.
- පහල වූ කල සිට ලෝක අවසාන දිනය තෙක් අල් කුර්ආනයේ කිසිදු වෙනසකට ලක් නොවේ.
- නබිවරුන්ගේ ඉතිහාසයන් ඇතුලත් වීම.
- නොයෙකුත් කරුණු පහදා දීමට උපමාවන් යොදා ගැනීම.