නබි (සල්) තුමාගේ යහගුණාංග – සමතකරණය

”සමතකරණය (සාමය) ඉතා උතුම්ය” (අන් නිසා:128)

”එම නිසා අල්ලාහ්ට බියවන්න.ඔබලා අතරේ මතභේද ඉවත්කර සමගියෙන් සිටින්න.”(අල් අන්ෆාල් : 11)

නියත වශයෙන්ම විශ්වාසවන්තයෝ සහෝදරයෝය.එම නිසා ඔබලාගේ සහෝදරයන් අතර සාමය ඇති කරන්න.” (අල් හුජරාත්: 10)

”මිනිසුන්ගේ ශරීරයේ ඇති සැම පුරුකක් වෙනුවෙන් හිරු උදාවන සෑම දවසේම දානයක් දිය යුතුයි. මිනිසුන් දෙදෙනකු අතර ඔබ සාමය ඇති කිරීමද දානයකි.මිනිසෙකුට ඔහුගේ වාහනයට නැගීමට උදව් කිරීම ඔහුගේ බඩුභාහිරාදිය පටවා ගැනිමට උදව් කිරීම දානයකි.ප්‍රිය වචන කතා කිරීමද දානයකි.මස්ජිදය වෙත යාමට ඔබ තබන සැම  පියවරක්ම දානයකි.පාරේ තිබෙන ගල් මුල් වැනි මගීන්ට අනතුරුදායක දෙයක් ඉවත් කිරීමද දානයකි.” බුහාරි හා මුස්ලිම්

මිනිසුන් අතර සාමය ඇතිකිරීම පිණිස බොරුකීම ඉස්ලාමය විසින් අනුමත කර ඇත.

”මිනිසුන් අතරේ සමාදානය ඇතිකිරීම පිණිස ඒ අවස්ථාවේ යහපත් දෙයක් කියාදෙයි නම් නැත්නම් මතක් කරයි නම් එය බොරුවක් වුවත් ඔහු බොරුකාරයෙක් නොවන්නේය. (බුහාරි හා මුස්ලිම්)

error

සමාජ අඩවි මගින් සම්බන්ධ වීමට